ශිකර් දවාන්ගේ කඩුල්ල ඉසුරු දවා ගත් හැටි මෙන්න

අයි.පී.එල් තරග පිටියේ සිය 5 වන කඩුල්ල දවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සමත් වුණා.
ඒ, අද(5) දිල්ලි කැපිටල්ස් පිලට එරෙහි තරගයේ දී යි.
එහිදී දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් දවාන්ගේ කඩුල්ල දවා ගැනීමට ඉසුරු උදාන සමත් වුණා.
ඔහු දැවී යන විට ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 32ක්.
මෙම තරගයේ දී ද පළමු පන්දුවාරය යොමු කිරීමේ වගකීම ඉසුරු උදානට පැවරුණු අතර, එහිදී ප්‍රතිවාදීන් ඔහුට එරෙහිව ලකුණු 14ක් රැස් කළා.
කෙසේ වෙතත්, ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී සිය දෙවැනි පන්දුවාරය යොමු කළ ඉසුරු උදාන, හොදින් තරගයට අවතීරණ වෙමින් එම පන්දුවාරයේ දී ලකුණු 7ක් පමණක් ලබා දී ශිකර් දවාන්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.