Ultimate magazine theme for WordPress.

රියාන්ගේ නර්තනය මධ්‍යයේ ඇරඹි තෙවාටියා – කලීල් – වෝනර් ගැටුම

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වන තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 5ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමෙන් පසුව ඇති වූ සිදුවීමක් පිළිබද මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

තරගය ජය ගැනීම සදහා රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 20 තුළ ලකුණු 159ක ඉලක්කයක් හයිදරාබාද් පිල ලබා දුන් අතර, එය ඉනිම අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී පසුකර යාමට රාජස්ථාන් කණ්ඩායම සමත්වුණේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ඉනිම කඩා වැටුණු අවස්ථාවක 6 වැනි කඩුල්ල සදහා ලකුණු 85ක නොබිදුණු සබදතාවයක් ගොඩ නගමින් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට මෙම තරගයේ දී රාහුල් තිවාටියා සහ රියාන් පරග් සමත් වුණා.

ජයග්‍රහනයෙන් අනතුරුව රියාන් පරග් අමුතු නර්තනයකින් එය සමරනු ලැබූ ආකාරය ද කාගේත් අවධානයට යොමු වුණා.

රාහුල් තිවාටියා සහ අවසන් පන්දුවාරය යොමු කළ කලීල් අහ්මඩ් මෙන්ම සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර් අතර උණුසුම් වචන හුවමාරුවක් ද එම අවස්ථවේ දී ම හට ගත්තා.

අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුවෙන් පසුවයි කලීල් අහ්මඩ් සහ රාහුල් තිවාටියා අතර මෙම වචන හුවමාරුව පළමුව ආරම්භ වුණේ.

තරගය නිම වීමෙන් පසුව ඊට නායක ඩේවිඩ් වෝනර් ද මැදිහත් වූ අතර, එය පාලනය කිරීමට පිටියේ විනිසුරුවන් ද එක්ව සිටිනු දක්නට ලැබුණා.

එම සිද්ධීන්ට අදාළ දර්ශන කිහිපයක් පහතින් –

Leave a comment