Ultimate magazine theme for WordPress.

රාහුල් අදත් බින්දුවට දැවී ගිය අයුරු මෙන්න

20යි 20 තරගවලදී ඉන්දීය ආරම්භක පිතිකරුවන් අතරින් කේ.එල්. රාහුල්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බව නොරහසක්.

අයි.පි.එල් පිටියේ දී මෙන්ම ජාත්‍යන්තර තරගවලදී ද ඔහු පිත්තෙන් විශිෂ්ඨ දක්ෂතාවයක් දැක් වූ අයුරු අපට මතකය.

කෙසේ වෙතත්. පසුගිය ඉනිම් කිහිපයේ දී නම් ඔහු දැඩි ලෙස අසාර්ථකත්වයක් පෙන්නුම් කිරීම මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති කරුණක්.

එංගලන්තය සමග පැවැත්වෙන 20යි 20 තරගාවලියේ පළමු තරග තුනේදී ඔහු ලබා ගෙන ඇත්තේ එක් ලකුණක් පමණයි.

ඊට ලකුණු නොලබා දැවී ගිය අවස්ථා දෙකක් ඇතුළත්.

අද(16) ආරම්භ වූ තෙවැනි 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ඔයීන් මෝර්ගන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඉන්දිය කණ්ඩායමට ආරාධනා කළා.

කෙසේ වෙතත්, ඉන්දිය ආරම්භක පිතිකරුවන් හට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

මුළු ලකුණු සංඛ්‍යාව 7 ක්ව තිබියදී පන්දු 4 කට මුහුණ දී එකදු ලකුණක්වත් ලබා නොසිටි කේ.එල්. රාහුල්ව දවා ගැනීමට මාක් වූඩ් සමත් වුණේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින්.

රාහුල් පසුගිය තරගයේ දී ද ලකුණු නොලබා දැවී ගිය අතර, පළමු තරගයේ දී රැස් කළේ එක් ලකුණක් පමණයි.

Leave a comment