Ultimate magazine theme for WordPress.

මුරලි යැවූ සියවසේ පිට දග පන්දුව

ලෝක ක්‍රිකට් ඉතිහාසයේම විශිෂ්ඨතම දග පන්දු යවන්නා ලෙස මුරලි හැදින්වීමේ වරදක් නැහැ.

වසර 140කට වැඩි ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ දක්ෂතම දග පන්දු යවන්නන් කවුරුන්දැයි කෙනෙකුගෙන් විමසුවහොත් මුරලි මෙන්ම ඔස්ට්‍රේලියාවේ ශේන් වෝර්න්ගේ නම ද කියනු නිසැකය.

ඇතැම්විට ලෝක ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම දග පන්දු යවන්නන් දෙදෙනා ඔවුන් විය හැක.

එම ක්‍රීඩකයින් දෙදෙනාම එකම කාලවකවානුක ක්‍රීඩා කිරීම ද සැබවින්ම අරුමයකි.

අද අප මෙම සටහන තැබුවේ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ මුරලි දවා ගත් කඩුල්ලක් පිළිබද තොරතුරු ගෙන ඒමටයි.

ශේන් වෝර්න් යැවූ සියවසේ පාදග පන්දුව ඔබ දැක ඇතැයි අප සිතමු.(එහි වීඩියෝ දර්ශන ද මෙම සටහන පහතින් ඇත)

කෙසේ වෙතත්, සියවසේ පිට දග පන්දුව ලෙස ඇතැමුන් හදුන්වන පන්දුව ඔබ දැක තිබේද?

එය යවන ලද්දේ අපේ මුරලි විසින්.

තරගය 2001 වසරේ ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයක්.

එහිදී වමත් පිතිකරු සදගෝප්පාන් රමේෂ් මවිතයට පත් කරමින් ඔහුගේ කඩුල්ල දවා ගැනීමට මුරලිගේ සුපිරි දග පන්දුව සමත් වනවා.

සැබවින්ම එය සියවසේ පිට දග පන්දුව දැයි ඔබම නරඹා තීරණය කරන්න.

වීඩියෝ දර්ශන පහතින් –


Leave a comment