මුම්බායි ක්‍රීඩකයින් මහේලව එක් වචනයකින් හැදින්වූ වීඩියෝව මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පසුගියදා සමත් වුණේ පුහුණුකරු මහේල ජයවර්ධනගේ මගපෙන්වීම යටතේ එම කණ්ඩායම ජය ගත් තෙවැනි ශූරතාවය බවට එය පත් කරමින්.
ඒ අනුව මහේල මේ වන විට ඉතිහාසගත වී ඇත්තේ අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම පුහුණුකරුවෙකු ලෙසයි.
මහේල ජයවර්ධන සතු ක්‍රිකට් පිළිබද දැනුම සහ උපක්‍රමශීලී බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ.
ඔහුගේ මෙම දක්ෂතා මුම්බායි කණ්ඩායමට අයි.පී.එල් පිටියේ දක්ෂතා දැක්විමට හේතු වී ඇති බව ද ප්‍රසිද්ධ කරුණක්.
මහේලගේ මෙම හැකියාවන් පිළිබද එක් වචනයකින් ප්‍රකාශ කරන ලෙසට මුම්මායි ක්‍රීඩකයින්ට සහ සහාය කාර්යය මණ්ඩලයට ලබා දුන් අවස්ථාවකට අදාළ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
ඊට අදාළ දර්ශන පහතින් –
What’s Mahela for our #OneFamily? 😋
📹 Watch to find out! #OneFamily #MumbaiIndians #MIChampion5 #Believe🖐🏼 @MahelaJay pic.twitter.com/pfOMuRrtgq
— Mumbai Indians (@mipaltan) November 12, 2020