Ultimate magazine theme for WordPress.

මාලිංග පෙම්වතිය සමග තරගයකදී කැමරාවට හසු වූ හැටි

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියක් 2008 වසරේදී පැවැත්වුණා.

එම තරගාවලිය තරග 3 – 2 ක් ලෙස ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායමයි.

ඔවුන් මෙරට දී ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාවට එරෙහිව ජය ගත් පළමු අවස්ථව ලෙසයි එම තරගාවලිය ඉතිසාහයට එක් වුණේ.

තරගාවලියේ හතරවන තරගය අගෝස්තු 26 වන දින පැවැත්වීමට නියමිතව තිබුණත් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය එදිනට අත්හැර දැමීමට සිදුවුණා.

එම තරගාවලියට ලසිත් මාලිංග ක්‍රීඩා කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ක්‍රීඩකයන් විවේකාගාරයේ සිටින අතරවාරයේ මාලිංග සිය පෙම්වතිය සමග එම තරගය නැරඹීමට පැමිණ සිටියදී කැමරා කාචයට හසුවීමත් සමග සහෝදර ක්‍රීඩකයන් දැක්වූ විනෝදාත්මක ප්‍රතිචාරය කාගෙත් ආකර්ෂණයට ලක්වුණා. (එම අවස්ථාවට අදාළ වීඩියෝ දර්ශනය පහතින්)

පසුව එම තරගය ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදීම නැවත ක්‍රීඩා කළ අතර එහිදී ශ්‍රී ලංකා පිල ලකුණු 46 කින් පරාජය කිරීමට ඉන්දීය පිල සමත්වුණා.

Leave a comment