Ultimate magazine theme for WordPress.

බිරිදගේ සහ දරුවන්ගේ ප්‍රතිචාරයට සංවේදී වූ ඩි විලියස්

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියස් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(18) චෙන්නායී ක්‍රීඩා පිටියේ පැවති තරගයේ දී ක්‍රීඩා කළ සුපිරි ඉනිම පිළිබද තොරතුරු අප ඔබට මීට පෙර වාර්තා කළා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයෙන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 38ක ජයක් ද වාර්තා කිරීමට සමත් වූ අතර, තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තේ ඒ.බී. ඩි විලියස්.

මෙම තරගයේදී කැමරා කාචයේ සටහන් වූ අපූර්ව සිදුවීමක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා.

ඒ.බී. ඩි විලියර්ස් කඩුලු රකිමින් සිටින අවස්ථාවේදී ඔහුගේ බිරිඳ සමගින් දරුවන් දෙදෙනා ප්‍රේක්ෂකාගාරයේ සිට ඔහුව දිරිමත් කරන අයුරු දැකගන්නට ලැබුණා.

එම අවස්ථාවේ දී පෙරලා ඔවුන්ගේ දිරිගැන්වීමට තරමක් සංවේදීව ප්‍රතිචාර දැක්වීමට ඩි විලියර්ස් කටයුතු කිරීම විශේෂත්වයක්.

මෙම අපූර්ව සිදුවීම පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයක් යොමු වී ඇති අයුරු දැකගන්නට ලැබෙනවා.

Leave a comment