Ultimate magazine theme for WordPress.

බට්ලර් දවා ගැනීමට පොලාඩ් රැකගත් සුපිරි උඩ පන්දුව

මුම්බායි ඉන්දියන්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් යනු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙන්ම විශිෂ්ඨ පන්දු රකින්නෙකු බව අවස්ථා ගණනාවකදීම සනාථ කර තිබෙනවා.

ඔහු අතින් උඩ පන්දුවක් ගිලිහී ගිය අවස්ථාවක් වාර්තා වී ඇත්තේ සැබවින්ම බොහෝ කලාතුරකින්.

අයි.පී.එල් තරග ඉතිහාසයේ දී ද ඔහු සුපිරි උඩ පන්දු රැසක් රැක ගෙන ඇති බව ඔබට මතක ඇති.

එවැනි සුපිරි සහ අතිශය වැදගත් උඩ පන්දුවක් රැක ගැනීමට කිරන් පොලාඩ් අද(6) දිනයේ දී ද සමත් වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි.

එහිදී පන්දු 44කින් හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 70ක් ලබා මුම්බායි පිලට දැඩි තර්ජනයක් වෙමින් සිටි ජොස් බට්ලර්ගේ කඩුල්ල දවා ගැනීම සදහායි කිරන් පොලාඩ් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

ඊට අදාළ දර්ශන මෙතනින්

Leave a comment