Ultimate magazine theme for WordPress.

පළමු පන්දු 9 ට 8 යි – අවසන් පන්දු 12 ට 52 ක් – හර්ඩික්ගෙ ගැහිල්ල මෙන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවන වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා අද(25) සමත් වුණා.

ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී යි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.

ඊට හර්ඩික් පාන්ඩ්යා පන්දු 21කින් නොදැවී රැස් කළ ලකුණු 60ද ඇතුළත්.

ඔහුගේ ඉනිම හයේ පහර 7කින් සහ හතරේ පහර 2කින් වර්ණවත් වී තිබුණා. (දර්ශන නැරඹිම සදහා මෙතන ක්ලික් කරන්න)

පාන්ඩ්යා තමා මුහුණ දුන් පළමු පන්දු 9ට ලකුණු 8ක් පමණක් රැස් කර තිබූ අතර, අනතුරුව මුහුණ දුන් පන්දු 12ට ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 52ක්.

හර්ඩික් පාන්ඩ්යා සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 20ක් පමණක් වැය කරමින්.

Leave a comment