දකුණු අප්‍රිකානුවන් දෙදෙනාගේ එකට ගැටුම
![](https://www.hitwicket.lk/wp-content/uploads/2020/10/faf-and-rabada.jpg)
ක්‍රිකට් පිටියේ අනතුරු සිදු වීම සාමාන්‍ය දෙයක්.
ඇතැම් විට උඩ පන්දු රැක ගැනීමට යාමේ දී පන්දු රකින්නන් දෙදෙනෙකු එකිනෙකා ගැටෙන අවස්ථා ක්‍රිකට් ඉතිහාසයේ අප දැක තිබෙනවා.
ඊට අමතරව පන්දුව ක්‍රීඩකයින්ගේ ශරීරවල ගැටීම හේතුවෙන් ද නිරතුරුවම ක්‍රිකට් පිටියේ අනතුරු සිදු වනවා.
මෙවැනි අනතුරු සිදු වන ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් අනතුරක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(17) පැවැති චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගයේ දී ද දැක ගත හැකි වුණා.
එම අනතුර සිදු වූයේ පිතිකරුවෙකු සහ පන්දු යවන්නෙකු එකිනෙකා ගැටීමෙන්.
සිද්ධියට මුහුණ දුන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකුම වන ෆෆ් ඩු ප්ලෙසිස් සහ කාගිසෝ රබාඩා.
ඩු ප්ලෙසිස් ලකුණක් කරා වේගයෙන් දිව යන අවස්ථාවේ මෙම අනතුර සිදු වූයේ අදාළ පන්දුව යොමු කළ කාගිසෝ රබාඩා සහ ඩු ප්ලෙසිස් එකිනෙකා ගැටීම හේතුවෙනුයි.
අනතුරින් පසු රබාඩාට වඩා ෆෆ් ඩු ප්ලෙසිස් යම් වේදනාවකින් පසු වූ අයුරු ද දක්නට ලැබුණා.
ඊට අදාළ දර්ශණ නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න