Ultimate magazine theme for WordPress.

චන්දිමාල් රිවර්ස් ස්වීප් පහරකින් ත්‍රිත්ව ශතකය වාර්තා කළ අයුරු මෙන්න

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ මැදපෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් අද ත්‍රිත්ව ශතකයක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූ බව අප මීට පෙර ද වාර්තා කළා.

මෙරට අන්තර් සමාජ තෙදින ලීග් ක්‍රිකට් පිටියේ පිතිකරුවෙකු ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි ඔහු අද බිද හෙලුවේ.

සැරසන්ස් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේ දෙවන දිනයේ දී චන්දිමාල් මෙම ත්‍රිත්ව ශතකය වාර්තා කළ අතර, ඔහු නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 354ක්.

චන්දිමාල්ගේ ඉනිමට හයේ පහර 9ක් සහ හතරේ පහර 33ක් ඇතුළත්.

චන්දිමාල් සිය ත්‍රිත්ව ශතකය රිවර්ස් ස්වීප් පහරකින් වාර්තා කිරීම විශේෂත්වයක්.

ඊට අදාළ දර්ශන පහතින් – (දර්ශන අනුග්‍රහය – newswire)

Leave a comment