චන්දිමාල්ව දවා ගත් ධනංජය ලක්ෂාන්ගේ සුපිරි පන්දුව

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයින් අතරින් ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයෙකු ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධනංජය ලක්ෂාන් හැදින්විය හැකියි.
ඔහුගේ පන්දුව දෝලනය කිරීමේ හැකියාව සහ පන්දු යැවීමේ විවිධත්වය ඉහළ මට්ටමක පවතින බව තරගාවලිය පුරා දැක ගත හැකි වුණා.
එහි ආසන්නතම අවස්ථාව මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී දැක ගත හැකි වූයේ ඔහු යැවූ සුපිරි පන්දුවකින් අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් දවා ගැනීමයි.
පන්දුව පිතිකරුවා තුළට දෝලනය කරමින් ඔහු යැවූ අදාළ පන්දුවේ දී දිනේෂ් චන්දිමාල්ගේ පිත්ත සහ පාදය අතරින් ගිය පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් මෙම දැවී යාම සිදු වුණා. (දර්ශන පහතින්)
Dananjaya Lakshan😍 pic.twitter.com/clZX02bdBG
— cric sl (@cricslvideo) December 13, 2020