ග්ලේන් පිලිප්ස් සම්පූර්ණයෙන් අසරණ කළ කොල්ටර් නයිල්ගේ විශිෂ්ඨ පන්දුව

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාජා හී අද (05) පැවති මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගයේදී වාර්තාගත පන්දු යැවීමක නිරත වීමට මුම්බායි කණ්ඩායම සමත් වුණා.
ඒ, තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්තාන් කණ්ඩායම ලකුණු 90 කට සීමා කරමින්.(90/9)
එවින් ලුවිස් ලකුණු 24(19) ලබා ගත් අතර සෙසු එකදු පිතිකරුවකු හටවත් ලකුණු 20 සීමාව පසුකර යාමට අවස්ථාවක් ලැබුණේ නැහෑ.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නේතන් කොල්ටර් නයිල් පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 14 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා.
ඔහු විසින් ඉනිමේ 10 වන පන්දුවාරයේ 4 වන පන්දුවේදී ග්ලේන් පිලිප්ස්ගේ කඩුල්ල දවා ගැනීමට යොමු කළ සුපිරි පන්දුව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
එහිදී නේතන් කොල්ටර් නයිල් යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ල වෙත ඇදී ගියේ පිතිකරුවාගේ පාද දෙක අතරින්.
ජිමී නිශම් කඩුලු 3 ක් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 02 ක් බිඳ හෙලුවා.
මෙවර IPL තරගාවලියේ දී කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි රාජස්ථාන් ලකුණු පුවරුව වාර්තා අතරට එක් වුණේ.