Ultimate magazine theme for WordPress.

අගාවර්ල් දවා ගත් බුම්රාගේ සුපිරි පන්දුව

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා යනු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිටින භයානකම වේග පන්දු යවන්නෙකු බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ.

ඔහුගේ අසාමාන්‍ය ඉරියව්ව, වේගය මෙන්ම යෝකර් පන්දු යොමු කිරීමේ හැකියාව නිසා පිතිකරුවන් ඔහුට එරෙහිව පහරක් එල්ල කිරීමේ දී දෙවරක් සිතන බව නම් රහසක් නොවේ.

කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමග ඊයේ(1) නිමා වූ අයි.පී.එල් තරගය ද ජස්ප්‍රිට් බුම්රා සිය දක්ෂතා යළිත් ප්‍රදර්ශනය කළ තරගයක් බවට පත් වුණා.

එහිදී ඔහු ලකුණු 18ක් පමණක් ලබා දී කඩුලු 2ක් බිද හෙලීමට සමත් වුණා.

තරගයේ ඔහු යොමු කළ පළමු පන්දුවාරයේ දී ප්‍රතිවාදීන්ට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

එහිදී බුම්රා විසින් මයාන්ක් අගාර්වල්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණා.

ඒ ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඊට අදාළ දර්ශන මෙතනින්

Leave a comment