Ultimate magazine theme for WordPress.

Xavier ගේ කඩුලු 4 හා ඉන්ග්ලිස්, ස්මිත්, ග්‍රීන්ගේ අර්ධ ශතක ඔස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

Match Report

අද(2) දිනයේ දී එක්දින ජාත්‍යන්තර වරම් දිනූ Xavier Bartlett ගේ සුපිරි පන්දු යැවීම හා ජොෂ් ඉන්ග්ලිස්, නායක ස්ටීවන් ස්මිත් හා කැමරන් ග්‍රීන්ගේ අර්ධ ශතක හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු අටක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

මෙල්බර්න් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 231 ක් රැස් කළා.

කේසි කාර්ති ලකුණු 88 (108) ක් ලබා ගත් අතර, රොස්ටන් චේස් ලකුණු 59(67) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Xavier Bartlett ලකුණු 17 කට කඩුලු 4ක් දවා ගනිමින් සිය ජාත්‍යන්තර එක්දින තරග දිවියට විශිෂ්ඨ ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 38.3 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරුවෙකු වූ ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 65 ක් ලබා ගත්තේ පන්දු 43 කින්. අංක 3 පිතිකරු වූ කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 77(104) ක් හා ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 79(79) ක් ලබා ගත්තා.

Leave a comment