Ultimate magazine theme for WordPress.

WTC : ඉන්දියාව දෙක වෙද්දී පෙරමුණේ සිටි එංගලන්තය 4ට ඇද වැටෙයි

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් සිව්වන ස්ථානයේ රැදී සිටි ඉන්දියාව එහි දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අද(16) සමත් වුණා.

ඒ, අද නිමා වූ එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් ලැබූ විශිෂ්ඨ ජයත් සමගින්.

ඒ අනුව මෙතෙක් පළමු ස්ථානයේ පසු වූ එංගලන්තයට මේ වන විට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නවසීලන්තය සමත්ව ඇති අතර, ඔවුන් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ තවදුරටත් රැදී සිටිනවා.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව  සුදුසුකම් ලබා ගැනීමටනම් ඔවුන් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 2-1ක් හෝ 3-1ක් ලෙස ජය ගත යුතුයි.

එංගලන්තයට ඒ සදහා සුදුසුකම් ලබා ගත හැකි වන්නේ ඔවුන් මෙම තරගාවලිය ඉන්දියාවට එරෙහිව තරග 3-1ක් ලෙස ජය ගත හොත් පමණයි.

එනම් මීළග ටෙස්ට් තරග දෙකම ඔවුන් ජය ගත යුතු වනවා.

මෙම ටෙස්ට් තරගාවලිය තරග 2-1ක් ලෙස එංගලන්තය ජය ගතහොත් හෝ තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් (1-1 හෝ 2-2) ඔස්ට්‍රේලියාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇති.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

ICC
Leave a comment