Ultimate magazine theme for WordPress.

Watch : Tigers පිලට ජය ගෙන ආ අසේලගේ සුපිරි ඉනිම මෙන්න

අසේල ගුණරත්න පන්දු 29 කින් නොදැවී වාර්තා කළ ලකුණු 51 හමුවේ මෙවර Legends League Cricket තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Manipal Tigers කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී Urbanrisers Hyderabad කඩුලු පහකින් පරාජයට පත් කරමින්.

ඉන්දියාවේ Surat හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ Tigers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව Urbanrisers Hyderabad කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් ලබා ගනිමින්.

Rikki Clarke නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තේ පන්දු 52 කින්. Gurkeerat Singh Mann ලකුණු 64(36)යි.

පන්දු යැවීමේ දී Pankaj Singh කඩුලු 2ක් දවා ගත් අතර, Mitchell McClenaghan හා තිසර පෙරේරා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Tigers කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 6ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

Tigers කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය අසේලගේ සුපිරි ඉනිමට හයේ පහර 5ක් ඇතුළත් වුණා. රොබින් උතාපා ලකුණු 40(27) ක් ද, ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 30(23) ක් ද, තිසර පෙරේරා ලකුණු 25(13) ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Stuart Binny ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අසේල ගුණරත්නගේ සුවිශේෂි ඉනිම පහතින් නරඹන්න –

Leave a comment