Ultimate magazine theme for WordPress.

Watch : අලංකාර ස්කූප් පහරකින් දුනිත් ගහපු හයේ පහර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ විසින් අලංකාර ස්කූප් පහරක් එල්ල කරමින් ලකුණු 6 ක් වාර්තා කිරීමට අද(5) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බී-ලව් කැන්ඩි කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117 ක් පමණයි.

වැඩිම ලකුණුලාභියා වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 27 කින් නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී නුවන් ප්‍රදීප්ට එරෙහිවයි දුනිත් ස්කූප් පහරකින් හයේ පහරක් එල්ල කළේ. (දර්ශන පහතින් නරඹන්න)

 

Leave a comment