Update : ශ්‍රී ලංකාවෙන් සිම්බාබ්වේ පිලට ලකුණු 189 ක ඉලක්කයක්
Innings Report

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය මේ වන විට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් ලබා ගනිමින්.
මෙම තරගයේ දී ද පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 57 ක්.
පැතුම් නිස්සංක පන්දු 15 කදී ලකුණු 21 ක් ලබා සිටියදී දැවී ගියා. ඒ, බ්‍රැඩ් එවන්ස් යොමු කළ පන්දුවකට ක්‍රෙයිග් අර්වින් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්. ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත්.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 29 කින් ලකුණු 54 ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 6 ක් සමගින්. ඔහු දැවී ගියේ Ryan Burl ගේ පන්දුවකට Richard Ngarava අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.
ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක හා භානුක රාජපක්ෂ ලකුණු 17 බැගින් ලබා සිටියදී දැවී ගියා.
වනිදු හසරංග පන්දු 14 කින් වේගවත් ලකුණු 37 ක් නොදැවී ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් සමගින්. දසුන් ශානක නොදැවී ලකුණු 16(13) යි.
— cric fun (@cric12222) October 11, 2022