Ultimate magazine theme for WordPress.

Update : ශ්‍රී ලංකාවෙන් පුහුණු තරගයට වේගවත් ආරම්භයක්

මෙවර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය මේ වන විට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක ක්‍රෙයිග් අර්වින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ඒ අනුව පන්දුවාර 10 ක් නිමා වන විට ශ්‍රී ලංකාව කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 96 ක්.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ සුපුරුදු පරිදි පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස්.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 57 ක්.

පැතුම් නිස්සංක පන්දු 15 කදී ලකුණු 21 ක් ලබා සිටියදී දැවී ගියා. ඒ, බ්‍රැඩ් එවන්ස් යොමු කළ පන්දුවකට ක්‍රෙයිග් අර්වින් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්. ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත්.

පවර්ප්ලේ හෙවත් පළමු පන්දුවාර 6 නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ කඩුල්ලක් දැවී ලකුණු 62 ක් ලෙසයි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 29 කින් ලකුණු 54 ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 6 ක් සමගින්.

පන්දුවාර 10 ක් නිමා වන විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 17 ක් ද ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 2 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

Show Comments (1)