Ultimate magazine theme for WordPress.

“Umpire’s Call” සංශෝදනය කිරීමට ICC අනුමැතිය

කඩුල්ල මුවා කිරීමේ වරදට (LBW) අදාළව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමේ දී ඊට අදාළ නීති සංශෝදනයක් සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර තිබෙනවා.

විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදයේ දී මෙතෙක් සලකා බැලුණු කඩුල්ලේ උස ප්‍රමාණය අයි.සී.සී ක්‍රිකට් කමිටුවේ නිර්දේශ මත තවදුරටත් ඉහළ නැංවීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

මීට පෙර කඩුල්ලේ උස සීමාව ලෙස තීරණය කෙරුණේ කඩුල්ලට යොදා ගන්නා බෙල්ස්හි (bails) පහත සීමාවයි.

කෙසේ වෙතත්, නව නීති ප්‍රකාරව එය බෙල්ස්හි ඉහළ සීමාව දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදයේ දී පන්දුව කඩුල්ලේ වදින බවට එනම් “hitting” අවස්ථාවක් ball-tracking තාක්ෂණය ඔස්සේ හදුනා ගනු ලැබීමේ දී ඊට යොදා ගන්නා කඩුලු කලාපය මෙහිදී තවදුරටත් වැඩි වනු ඇති.

පිටියේ විනිසුරු ලබා දුන් තීරණයම ස්ථීර කරන අවස්ථාවක් හෙවත් Umpire’s Call අවස්ථාවක් ball-tracking තාක්ෂණය ඔස්සේ හදුනා ගන්නා ආකාරය මෙම නව නීතියත් සමග වෙනස්වන අතර, ඒ අනුව බෙල්ස්හි ඉහළ සීමාව පන්දුවෙන් භාගයක් ස්පර්ශ නොවන්නේනම් එය Umpire’s Call අවස්ථාවක් ලෙස ඉදිරියේ දී සලකණු ලබනවා.

මීට පෙර බෙල්ස්හි පහළ සීමාව පන්දුවෙන් භාගයක් ස්පර්ශ නොවන්නේනම් එය Umpire’s Call අවස්ථාවක් ලෙසයි සළකනු ලැබුවේ.

Umpire’s Call අවස්ථාව පිළිබද බොහෝ දෙනෙකු එතරම් සුබවාදී ප්‍රතිචාරයක් නොදක්වන බවක් දක්නට ලැබෙන අතර. පසුගියදා ඉන්දීය නායක විරාට් කෝලි ද ඒ සම්බන්ධයෙන් සිය අසතුට පල කර තිබුණා.

කෙසේ වෙතත්, Umpire’s Call අවස්ථාව තවදුරටත් පවත්වා ගෙන යාමටයි අනිල් කුම්බ්ලේගේ සභාපතිත්වයෙන් යුත් අයි.සී.සී ක්‍රිකට් කමිටුව පියවර ගෙන ඇත්තේ.

Leave a comment