Ultimate magazine theme for WordPress.

Toss Report : දෙවැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – චමීරට තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, පළමු එක්දින තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙම තරගය අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් කායිස් අහ්මඩ් කැදවා ඇත්තේ ෆරීඩ් අහ්මඩ් වෙනුවටයි.

Afghanistan XI:

Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Azmatullah Omarzai, Gulbadin Naib, Mohammad Nabi, Ikram Alikhil (wk), Qais Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad Malik

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis (wk/c), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Wanindu Hasaranga, Maheesh Theekshana, Dilshan Madushanka, Asitha Fernando, Pramod Madushan

Leave a comment