Ultimate magazine theme for WordPress.

Toss Report : ජැෆ්නා කිංග්ස් පන්දුව අතට ගනියි ; කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම් දෙක බැගින්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහිව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා කණ්ඩායම් දෙකෙන්ම වෙනස්කම් දෙක බැගින් සිදු කර තිබෙනවා.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම සදහා බිනුර ප්‍රනාන්දු හා ජනිත් ලියනගේ කැදවා ඇත්තේ ප්‍රවීන් ජයවික්‍රම හා ප්‍රමෝද් මදුෂාන් වෙනුවටයි.

යාපනය කණ්ඩායම සදහා ෂොයිබ් මලික් හා ඩිල්ෂාන් මදුෂංක කැදවා තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ ස්ථාන අහිමි වී ඇත්තේ Nandre Burger ට හා ප්‍රියමාල් පෙරේරාටයි.

කණ්ඩායම් දෙක –

Jaffna Kings XI:

Rahmanullah Gurbaz (w), Charith Asalanka, Towhid Hridoy, David Miller, Shoaib Malik, Thisara Perera(c), Dunith Wellalage, Vijayakanth Viyaskanth, Maheesh Theekshana, Dilshan Madushanka, Nuwan Thushara

Dambulla Aura XI:

Avishka Fernando, Kusal Mendis(w/c), Sadeera Samarawickrama, Kusal Perera, Dhananjaya de Silva, Alex Ross, Hayden Kerr, Binura Fernando, Janith Liyanage, Hasan Ali, Noor Ahmad

Leave a comment