Toss Report : කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට – ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 4ක්

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය දඹුල්ලේ දී පැවැත්වෙන අතර, මේ වන විටත් තරගාවලිය තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගෙන අවසන්.
අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 4ක් සිදු කර තිබෙනවා. ඒ අනුව ධනංජය ද සිල්වා, චරිත් අසලංක, මහීෂ් තීක්ෂණ හා බිනුර ප්‍රනාන්දු විවේක ගන්වා ඇති අතර, කණ්ඩායමට කැදවා ඇත්තේ නුවන් තුෂාර, අකිල ධනංජය, කමිදු මෙන්ඩිස් හා කුසල් පෙරේරා යන ක්‍රීඩකයින්.
ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ද මෙම තරගය සදහා වෙනස්කම් 4ක් සිදු කර තිබෙනවා.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI:
Pathum Nissanka, Kusal Mendis (wk), Kusal Perera, Sadeera Samarawickrama, Kamindu Mendis, Angelo Mathews, Wanindu Hasaranga(c), Dasun Shanaka, Akila Dananjaya, Nuwan Thushara, Matheesha Pathirana
Afghanistan XI:
Rahmanullah Gurbaz(w), Hazratullah Zazai, Ibrahim Zadran(c), Mohammad Ishaq, Azmatullah Omarzai, Mohammad Nabi, Karim Janat, Sharafuddin Ashraf, Noor Ahmad, Fareed Ahmad Malik, Wafadar Momand