Ultimate magazine theme for WordPress.

T20 World Cup : නෙදර්ලන්ත සංචිතයට වෙනස්කම් දෙකක්

ආබාධවලට ලක්වීම හේතුවෙන් නෙදර්ලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Fred Klaassen හා Daniel Doram හට එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔවුන් වෙනුවට Kyle Klein හා Saqib Zulfiqar සංචිතයට ආදේශ කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

ස්කොට් එඩ්වර්ඩ්ස්ගේ නායකත්වයෙන් යුත් නෙදර්ලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ලෝක කුසලානයට ක්‍රීඩා නොකර ඒ වෙනුවට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට තීරණය කිරීම හේතුවෙන් අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන Colin Ackermann හා Roelof van der Merwe මෙම සංචිතයට නම් කෙරුණේ නැහැ.

ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී නෙදර්ලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 4 වැනිදා නේපාලයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Netherlands squad for the T20 World Cup

Aryan Dutt, Bas de Leede, Kyle Klein, Logan van Beek, Max O’Dowd, Michael Levitt, Paul van Meekeren, Scott Edwards (c/wk), Saqib Zulfiqar, Sybrand Engelbrecht, Teja Nidamanuru, Tim Pringle, Vikramjit Singh, Vivian Kingma, Wesley Barresi

Leave a comment