Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්

8 වැනි වරටත් මෙවර සංවිධාන කළ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා නම් කර ඇති තරග නිළධාරීන් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද(11) නිල වශයෙන් නිවේදනය කළා.

එම නිළධාරීන් අතරට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළත්ව සිටීම කැපී පෙනෙනවා.

අවසන් මහා තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී එළඹෙන ඉරිදා(13) පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්තානය හා එංගලන්තය අතරයි.

එම තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස Marais Erasmus හා කුමාර් ධර්මසේන කටයුතු කිරීමට නියමිතයි.

රූපවාහිනී විනිසුරු (තෙවන විනිසුරු) ලෙස Chris Gaffaney පත් කර ඇති අතර, Paul Reiffel සිව්වන විනිසුරු ලෙසයි නම් කර ඇත්තේ.

අවසන් මහා තරගයේ තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Match Officials for the final:

Match Referee: Ranjan Madugalle

On-field umpires: Marais Erasmus and Kumar Dharmasena

TV umpire: Chris Gaffaney

Fourth umpire: Paul Reiffel

Show Comments (1)