Ultimate magazine theme for WordPress.

T20 තරගාවලියට මුෂ්ෆිකර් බෑ කියයි

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලියෙන් ඉවත් වීමට බංග්ලාදේශ කඩුලු රකින පිතිකරු මුෂ්ෆිකර් රහීම් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ සංචාරයට ඇතුළත් එක්දින සහ ටෙස්ට් තරග සදහා ඔහු ක්‍රීඩා කිරීමට නියමිතයි.

ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමේ දුෂ්කරතාවය හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලි වෙනුවෙන් මනා සූදානමක් සහිතව ක්‍රීඩා කිරීම ඔහුගේ අරමුණයි.

මුෂ්ෆිකර් රහීම් මේ සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇති අතර, මෙතෙක් ඒ පිළිබද අවසන් තීරණයක් එරට ක්‍රිකට් ආයතනය ගෙන නැහැ.

සිම්බාබ්වේ තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජූලි 7 වනදා ටෙස්ට් තරගය ආරම්භ වන අතර,  ජූලි 16 වනදා එක්දින තරගාවලිය ද, ජූලි 23 වනදා 20යි 20 තරගාවලිය ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Leave a comment