Ultimate magazine theme for WordPress.

T10 ලීගය කල් යයි

PDC T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන සංශෝදනය කිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (25) අනුරාධපුරයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ අදාළ තරගාවලියේ සංශෝදිත තරග කාලසටහන ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි සංවිධායකයින් සදහන් කළේ.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහිදී ඔවුන් පෙන්වා දුන්නේ PDC T10 ලීග් යනුවෙන් තරගාවලියක් පැවැත්වීම සදහා සිය ආයතනයේ අනුමැතිය හිමිව නොමැති බවයි.

එමෙන්ම එවැනි තරගාවලියකට ක්‍රීඩා කිරීම සදහා කොන්ත්‍රාත්ගත කිසිදු ක්‍රීඩකයෙකු ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා නොමැති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Leave a comment