T10 ලීගයකට අවසර දී නැහැ – ක්‍රීඩකයින් අවසර ඉල්ලලත් නැහැ – SLC

PDC T10 ලීග් යනුවෙන් තරගාවලියක් පැවැත්වීම සදහා සිය ආයතනයේ අනුමැතිය හිමිව නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා
PDC T10 නමින් ලීග් තරගාවලියක් පැවැත්වීමට නියමිත බවට පල වන වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන්.
එළඹෙන 25 වනදා සිට ලබන 6 වනදා දක්වා අදාළ තරගාවලිය කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් අනුරාධපුරයේ දී පැවැත්වෙන බවටයි වාර්තා පලව තිබුණේ.
ඒ සදහා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් රැසක් එක් වන බවට ද වාර්තා පල වුණා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ එවැනි තරගාවලියකට ක්‍රීඩා කිරීම සදහා කොන්ත්‍රාත්ගත කිසිදු ක්‍රීඩකයෙකු ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා නොමැති බවයි.