T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 4ක්

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.
සිව්වන වරටත් මෙවර පැවැත්වෙන තරගාවලිය ජනවාරි 28 වනදා ආරම්භ වන අතර, පෙබරවාරි 6 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
සියලු තරග අබුඩාබි ක්‍රීඩාංගයේ දී පැවැත්වෙනු ඇති.
මේ දක්වා තෝරා ගෙන ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –
ඉසුරු උදාන – බංග්ලා ටයිගර්ස් (Icon player),
දසුන් ශානක – බංග්ලා ටයිගර්ස්
භානුක රාජපක්ෂ – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්
දුෂ්මන්ත චමීර – දිල්ලි බුල්ස්