Ultimate magazine theme for WordPress.

T 10 තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් අනුමැතිය

පන්දුවාර 10යි 10 (T-10) ලීග් ක්‍රිකට් තරගාවලියක් ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (08) පැවැති විධායක සභා රැස්වීමක දී ඒ සදහා ඒකමතිකව අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් එක් වනු ඇති.

ක්‍රීඩාංගන දෙකකදී තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, කණ්ඩායම්වල නම් සහ ක්‍රීඩාංගන මෙතෙක් තීරණය කර නැහැ.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමග මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

 

Leave a comment