Ultimate magazine theme for WordPress.

T 10 තරගාවලියක් දෙසැම්බරයේ මෙරටදී

ADVERTISEMENT

ලබන දෙසැම්බර් මාසයේ දී මෙරට දී පන්දුවාර 10යි 10 (T10) ලීග් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස මුල අවසන් වීමට නියමිත බැවින් ඉන් අනතුරුව මෙම T10 ලීග් තරගාවලිය සංවිධාන කිරීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

daily news වෙබ් අඩවිය වාර්තා කළේ LPL තරගාවලියට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයින් සහ දේශීය ක්‍රීඩකයින්ගේ ද සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති බවයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Leave a comment