Ultimate magazine theme for WordPress.

SSC පරදා ලන්කන් ක්‍රිකට් සමාජය ශූරතාවය ජය ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ලන්කන් ක්‍රිකට් සමාජය සමත් වුණා.

ඒ, අද(28) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී එස්.එස්.සී කණ්ඩායම ලකුණු 59කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලන්කන් ක්‍රිකට් සමාජය පන්දුවාර 49.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 223ක් ලබා ගත්තා.

කසුන් අබේරත්න ලකුණු 51 ක් සහ කෙවින් පෙරේරා ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඩී. තිලකරත්න ලකුණු 35කට කඩුලු 3 ක් දවා ගත් අතර, ෂම්මු අශාන් ලකුණු 31කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එස්.එස්.සී කණ්ඩායමට පන්දුවාර 44.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 164ක් පමණයි.

ෂම්මු අෂාන් ලකුණු 50ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 29කට කඩුලු 3ක් බිද හෙලුවා.

 

Leave a comment