Ultimate magazine theme for WordPress.

SLC ආරාධිත T 20 තරගාවලියේ අවසන් තරගය ඇරඹෙන වේලාවේ සංශෝදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් කණ්ඩායම හා දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන රෙඩ්ස් කණ්ඩායම අතරයි.

අවසන් මහා තරගය මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගය මීට පෙර ආරම්භ කිරීමට නියමිතව තිබුණේ රාත්‍රී 7ටයි.

කෙසේ වෙතත්, අවසන් මහා තරගය චැනල් අයි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතව ඇති බැවින් තරගයේ ආරම්භක වේලාවේ සංශෝදනයක් මෙලෙස සිදු කර තිබෙනවා.

තරගය Dialog TV Channel 1 හා SLC YouTube නාලිකාව ඔස්සේ ද සජීවීව නැරඹිය හැකියි.

Leave a comment