Ultimate magazine theme for WordPress.

SL v BAN : ශ්‍රී ලංකාව 124/9 (20) ; බංග්ලාදේශය 125/8 (19)

බංග්ලාදේශයට කඩුලු දෙකක ජයක්

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් බංග්ලාදේශය හමුවේ කඩුලු දෙකක පරාජයක් ලබමින් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමේ දැඩි අවධානමකට ඇද වැටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(8) සිදු වුණා.

ඩලස්හී දී පැවැති තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශයට ලකුණු 125 ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් පන්දුවාර 19 ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සෞම්‍ය සාකාර් ලකුණු නොලබා සිටියදීත්, ටන්සිඩ් හසාන් ලකුණු 3කටත්, නජ්මුල් හොසේන් ලකුණු 7කටත් දවා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ නමුත්, ලිටොන් දාස් ලකුණු 36(38) ක් හා තව්හිද් හ්රිදෝයි ලකුණු 40(20) ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා.

හ්රිදෝයි බංග්ලාදේශ ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී වනිදු හසරංගට එරෙහිව පිට පිට හයේ පහර 3ක් එල්ල කිරීම බංග්ලාදේශයට ජයග්‍රහනයේ මාවත පහසු කළ නමුත්, නුවන් තුෂාරගේ අනර්ඝ පන්දු යැවීම බංග්ලාදේශයට දැඩි අභියෝගයක් එල්ල කළා.

තුෂාර මෙම තරගයේ දී පන්දුවාර 4 තුළ දී ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා. වනිදු හසරංග කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 32 ක් ලබා දෙමින්.

අවසන් පන්දු 18 තුළ දී ලකුණු 14 ක් ජයග්‍රහනය සදහා බංග්ලාදේශයට අවශ්‍ය වූ අතර, නුවන් තුෂාර විසින් 18 වැනි පන්දුවාරයේ දී පිට පිට කඩුලු දෙකක් දවා ගනිමින් ශ්‍රී ලංකාව යළි සටනට අවතීර්ණ කළා. ඒ අනුව අවසන් පන්දු 12 තුළ දී බංග්ලාදේශයට ජයග්‍රහනයට අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය 11 ක්.

නමුත්, දසුන් ශානක යොමු කළ 19 වැනි පන්දුවාරයේ පළමු පන්දුවම තණතීරුවේ පතිත නොවී ( full toss) මහ්මුදුල්ලාහ් වෙත ඇදී ආ අතර, එම පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට මහ්මුදුල්ලාහ් සමත් වුණේ ජයග්‍රහනය පිළිබද සියලු බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් උදුරා ගනිමින්. මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 16(13) යි.


බංග්ලාදේශය පන්දුවාර 16 ක් අවසානයේ දී ලකුණු 108/5 (16)


පන්දුවාර 10 ක් අවසානයේ දී බංග්ලාදේශය ලකුණු 64/3 (පන්දුවෙන් පන්දුව සජීවී ලකුණු සටහන පහතින්)


 

බංග්ලාදේශයේ තෙවැනි කඩුල්ල ලෙස නජ්මුල් හොසේන් ලකුණු 7(13) කට දවා ගැනීමට නුවන් තුෂාර සමත් වෙයි.

බංග්ලාදේශය 28/3 (5.2)


බංග්ලාදේශය පන්දුවාර 4 ක් අවසන් වන විට ලකුණු 20/2


බංග්ලාදේශයේ දෙවැනි කඩුල්ල ලෙස නුවන් තුෂාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ටන්සිඩ් හසාන් ලකුණු 3(6) කට දැවී යයි.

බංග්ලාදේශය 6/2 (1.4)


බංග්ලාදේශයේ පළමු කඩුල්ල ලෙස සෞම්‍ය සාකාර් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් වෙයි.

බංග්ලාදේශය ලකුණු 1/1 (0.3)


පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ජය ගැනීම සදහා බංග්ලාදේශයට ලකුණු 125 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, ඩලස්හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 124 ක් ලබා ගැනීමත් සමගයි.

පැතුම් නිස්සංක පන්දු 28 කින් ලකුණු 47 ක් රැස් කළ නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකුගෙන් සාර්ථක ඉනිමක් දැකගත හැකි වූයේ නැහැ.

කුසල් මෙන්ඩිස් ලකුණු 10 කටත්, කමිදු මෙන්ඩිස් ලකුණු 4 කටත්, ධනංජය ද සිල්වා ලකුණු 21 කටත් දැවී ගියා. චරිත් අසලංක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 19 ක්.

වනිදු හසරංග පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, දසුන් ශානක රැස් කළේ ලකුණු 3 ක් පමණයි.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රිෂාද් හොසේන් ලකුණු 22 කට කඩුලු 3 ක් බිද හෙලුවා. ටස්කින් අහ්මඩ් ලකුණු 25 කට දවා ගත් කඩුලු ගණන දෙකක්.


පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකාව 124/9
ඇන්ජෙලෝ මැතිව්ස් 16 (19)


 

මහීෂ් තීක්ෂණ ලකුණු නොලබා දැවී යයි – ශ්‍රී ලංකාව 117-8 (18.5)


පන්දුවාර 18 ක් අවසන් – ශ්‍රී ලංකාව 115/7
දසුන් ශානක ලකුණු 3(7) කට දැවී යයි


ධනංජය ද සිල්වා ලකුණු 21(26) කට දැවී යයි – ශ්‍රී ලංකාව 109/6 (16.1)


පන්දුවාර 16 ක් අවසන් – ශ්‍රී ලංකාව 109/5
ධනංජය ද සිල්වා 21(25)*
ඇන්ජෙලෝ මැතිව්ස් 7(8)*


වනිදු හසරංග පළමු පන්දුවෙන්ම දැවී යයි – ශ්‍රී ලංකාව 100/5 (14.2)


චරිත් අසලංක ලකුණු 19(21) කට දැවී යයි – ශ්‍රී ලංකාව 100/4 (14.1)


පන්දුවාර 14 ක් අවසන් – ශ්‍රී ලංකාව 100/3
ධනංජය ද සිල්වා 19(23)*
චරිත් අසලංක 19(20)*


පන්දුවාර 13 ක් අවසන් – ශ්‍රී ලංකාව 95/3
ධනංජය ද සිල්වා 16(20)*
චරිත් අසලංක 17(17)*

(පන්දුවෙන් පන්දුව සජීවී ලකුණු සටහන පහතින්)


පන්දුවාර 12 ක් අවසන් – ශ්‍රී ලංකාව 89/3
ධනංජය ද සිල්වා 13(17)*
චරිත් අසලංක 15(14)*

© Associated Press

පන්දුවාර 11 ක් අවසන් – ශ්‍රී ලංකාව 83/3

ධනංජය ද සිල්වා 12(15)*

චරිත් අසලංක 10(10)*


පන්දුවාර 10 ක් අවසන් – ශ්‍රී ලංකාව 74/3

ධනංජය ද සිල්වා 11(14)*

චරිත් අසලංක 2(5)*


පැතුම් නිස්සංක ලකුණු 47(28) කට දැවී යයි – ශ්‍රී ලංකාව 70/3 (8.5)


පන්දුවාර 8 ක් අවසන් – ශ්‍රී ලංකාව 64/2
පැතුම් නිස්සංක 42(24)*
ධනංජය ද සිල්වා 8(11)*


ශ්‍රී ලංකාව පන්දුවාර 7 ක් අවසන් වන විට – 57/2


පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට ශ්‍රී ලංකාව 53/2


6 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී කමිදු මෙන්ඩිස් ලකුණු 4(5) කට දැවී යයි – ශ්‍රී ලංකාව 48/2


5 වැනි පන්දුවාරයේ දී ශකිබ් අල් හසාන්ට එරෙහිව ලකුණු 16 ක් වාර්තා වෙයි. අවසන් – ශ්‍රී ලංකාව 48/1 (සජීවී ලකුණු සටහන පහතින්)
පැතුම් නිස්සංක 34(18)*
කමිදු මෙන්ඩිස් 4(4)*


සිව්වැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 32/1


තෙවැනි පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකාව ලකුණු 25/1


ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 10(8) කට දැවී යයි.

ශ්‍රී ලංකාව 21/1 (2.3 ov)


දෙවැනි පන්දුවාරය අවසන් – ශ්‍රී ලංකාව 13/0


පළමු පන්දුවාරය අවසන් වන විට ශ්‍රී ලංකාව 5/0 (සජීවී ලකුණු සටහන පහතින්)


2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ශන්තෝ සමත් වුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දු යැවීමටයි.

තරගය ඩලස්හි Grand Prairie ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව සධීර සමරවික්‍රම වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැදවා තිබෙනවා.

කණ්ඩායම් දෙක හා සජීවී ලකුණු සටහන –

Sri Lanka XI:

Pathum Nissanka, Kusal Mendis(w), Kamindu Mendis, Dhananjaya de Silva, Charith Asalanka, Wanindu Hasaranga(c), Angelo Mathews, Dasun Shanaka, Maheesh Theekshana, Nuwan Thushara, Matheesha Pathirana

Bangladesh XI:

Tanzid Hasan, Soumya Sarkar, Litton Das(w), Najmul Hossain Shanto(c), Towhid Hridoy, Shakib Al Hasan, Mahmudullah, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Tanzim Hasan Sakib

(සජීවී ලකුණු මූලාශ්‍රය – ICC)

Leave a comment