Ultimate magazine theme for WordPress.

RCB හා CSK අතර තීරණාත්මක තරගයක් අද – දෝනිගේ අවසන් තරගය අද තරගය ද?

බැංගලූරු කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලැබීම සදහා අද තරගය ජය ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද(18) පැවැත්වෙනවා.

තරගාවලියේ 68 වැනි තරගය වන මෙම තරගය බැංගලූරුහී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම (RCB) හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම (CSK) අතරයි.

මේ වන විට මුම්බායි ඉන්දියන්ස්, පංජාබ් කිංග්ස්, ගුජරාට් ටයිටන්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, ඒ අනුව අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා මේ වන විට තරගයක් නිර්මාණය වී ඇත්තේ බැංගලූරු හා චෙන්නායි කණ්ඩායම් දෙක අතරයි.

චෙන්නායි පිලට ප්‍රසාද ලකුණු 14 (NRR 0.528) ක් ද, බැංගලූරු පිලට ප්‍රසාද ලකුණු 12 (NRR 0.387) ක් ද මේ වන විට හිමිව තිබෙනවා.

අද තරගයෙන් චෙන්නායි කණ්ඩායම ජයගතහොත් ඔවුන් අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා. මේ වන විටත්, කොල්කටා නයිට් රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස් හා සන්රයිසස් හයිදරාබාද් යන කණ්ඩායම් අවසන් වටයට සුදුසුකම් ලබා අවසන්.

අද තරගය විශාල පරතරයක් නොමැතිව පරාජයට පත්වුවද චෙන්නායි කණ්ඩායමට අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාවක් පවතිනවා.

අද රාත්‍රී 7:30 ට ආරම්භ වන තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වීමේ අවධානමක් පවතින බවටයි කාළගුණ අනාවැකි පලව ඇත්තේ. ඒ අනුව මෙම තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුවහොත් චෙන්නායි කණ්ඩායමට අවසන් වටයේ ස්ථානයක් හිමි කර ගත හැකියි.

බැංගලූරු කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලැබීම සදහා අද තරගය ජය ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.

බැංගලූරු පිල පළමුව පන්දුවට පහර දී ලකුණු 200 ක් අද තරගයේ දී ලබා ගතහොත්, ඔවුන් චෙන්නායි පිලේ ශුද්ධ ලකුණු වේගය අභිබවා අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් මෙම තරගයෙන් ලකුණු 18 ක ජයක් හිමි කර ගත යුතුයි. චෙන්නායි කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 200 ක් වාර්තා කළහොත් බැංගලූරු පිල පන්දු 11 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළ යුතු වනවා.

චෙන්නායි කණ්ඩායමට අද තරගය පරාජයට පත් වී තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුවහොත් ඇතැම් විට මහේන්ද්‍ර සිං දෝනි ක්‍රීඩා කරන අවසන් අයි.පී.එල් තරගය බවට අද තරගය පත් වනු ඇති.

IPL 2024 - Points Table (Updated on May 19)

TEAMS M W L PT NRR
KKR (Q) 14 9 3 20 1.428
SRH (Q) 14 8 5 17 0.414
RR (Q) 14 8 5 17 0.273
RCB (Q) 14 7 7 14 0.459
CSK (E) 14 7 7 14 0.392
DC (E) 14 7 7 14 -0.377
LSG (E) 14 7 7 14 -0.667
GT (E) 14 5 7 12 -1.063
PBKS (E) 14 5 9 10 -0.353
MI (E) 14 4 10 8 -0.318
Leave a comment