PSL තරග කාලසටහන නිකුත් කෙරේ

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලට අදාළ තරග කාලසටහන අද(3) එරට ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කළා.
ඒ අනුව අප මීට පෙර වාර්තා කළ පරිදි ලබන 9 වනදා අබුඩාබි හී දී තරගාවලියේ ඉතිරි තරග ආරම්භ වන අතර, අවසන් මහා තරගය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් සහ නිළධාරීන් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීමත් සමග පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 6 වැනි අදියරේ තරග අතරමගදී අත්හිටුවීමට පසුගිය මාර්තු මස මුලදී සිදු වුණා.
ඒ වන විට තරග 14ක් පමණක් පවත්වා තිබූ අතර, ඒ අනුව තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත ඉතිරි තරග 20 ලබන 9 වනදා සිට 24 වනදා දක්වා පවත්වා අවසන් කරනු ඇති.
නව කාලසටහනට අනුව ලබන 9 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේ ලාහෝර් කලැන්ඩර්ස් සහ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම් අතර තරගයයි.
පැවැත්වීමට නියමිත තරග සීමිත දින සංඛ්‍යාවක් තුළ පවත්වා අවසන් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එක් දිනකට තරග දෙක බැගින් පැවැත්වෙන දින 6ක් ද තරග කාලසටහනට ඇතුළත්.
අද දිනයේ සිට ලබන 8 වනදා දක්වා තරගාවලියට එක්වන ක්‍රීඩකයින්ට පුහුණුවීම් සිදු කිරීම සදහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
මාර්තු මාසයේ දී තරගාවලිය අතරමගදී අත්හිටුවීමට කටයුතු කරන අවස්ථාව වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියේ කරච්චි කිංග්ස් කණ්ඩායමයි
තරග කාලසටහන –
3-8 June – Practice
9 June – Lahore Qalandars v Islamabad United
10 June – Multan Sultans v Karachi Kings; Peshawar Zalmi v Lahore Qalandars
11 June – Islamabad United v Quetta Gladiators
12 June – Quetta Gladiators v Peshawar Zalmi
13 June – Islamabad United v Lahore Qalandars; Multan Sultans v Peshawar Zalmi
14 June – Islamabad United v Karachi Kings
15 June – Quetta Gladiators v Lahore Qalandars; Peshawar Zalmi v Karachi Kings
16 June – Multan Sultans v Quetta Gladiators
17 June – Islamabad United v Peshawar Zalmi; Karachi Kings v Lahore Qalandars
18 June – Multan Sultans v Lahore Qalandars
19 June – Quetta Gladiators v Karachi Kings; Multan Sultans v Islamabad United
20 June – Practice
21 Jun – Qualifier (1 v 2); Eliminator 1 (3 v 4)
22 Jun – Eliminator 2 (loser Qualifier v winner Eliminator 1)
23 June – Rest/practice
24 Jun – Final