Ultimate magazine theme for WordPress.

චමරිගේ අනර්ඝ ඉනිම අවසන් මොහොතේ අපතේ යයි – Match Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව මෙවරත් පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 අභියෝගතා ක්‍රිකට් තරගාවලිය (Women’s T20 Challenge) ආරම්භ කරමින් අද පැවැති පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට වෙලෝසිටි කණ්ඩායම සමත් වුණා.

සාජාහි පැවැති තරගයෙන් ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ සුපර්නෝවස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සුපර්නෝවස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 126ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ චමරි අතපත්තු පන්දු 39කින් ලකුණු 44ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින්.

ශෂිකලා සිරිවර්ධන ද ලකුණු 18ක් ලබා ගත් අතර, නායිකා හර්මන්ප්‍රීට් කෝවුර් ලකුණු 31යි.

පන්දු යැවීමේ දී එක්ටා බිෂ්ට් ලකුණු 22කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වෙලෝසිටි කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Sune Luus නොදැවී ලකුණු 37ක් සහ ශුෂ්මා වෙර්මා ලකුණු 34ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අයබොන්ගා කාකා ලකුණු 27කට කඩුලු 2ක් බිද හෙලූ අතර, ශෂිකලා සිරිවර්ධන ලකුණු 30කට එක් කඩුල්ලක බිද ‍හෙලුවා.

Leave a comment