Ultimate magazine theme for WordPress.

LPL වැඩිම කඩුලු ලාභීන් 10 දෙනා අතරට දේශීය ක්‍රීඩකයන් 3 ක් පමණයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 15 ක් මේ වන විටත් පවත්වා අවසන්.

මූලික වටයේ තරග අවසන් වීමට තව ඇත්තේ තරග 5 ක් පමණයි.

ඉන් තවත් උණුසම් තරග දෙකක් අද(9) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව පස්වරු 3.30 ට දිනයේ ප්‍රථම තරගයේ දී කැන්ඩි ටස්කර්ස් හා ජැෆ්නා ස්ටැලින්ස් යන කණ්ඩායම් දෙක  එකිනෙකා මුණ ගැසෙන අතර,  දිනයේ දෙවන තරගය රාත්‍රී 8.00 ට ගෝල් ග්ලැඩියේටර්ස් හා දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිතයි.

අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබන අවසාන කණ්ඩායම බවට පත්වීම සදහා ගෝල් ග්ලැඩියේටර්ස් හා කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් දෙක අතර මේ වන විට කරට කර තරගයක් පවතින බැවින් අද පැවැත්වෙන තරග දෙක ද ඔවුන්ට තීරණාත්මක වනු ඇති.

මෙතෙක් පැවති තරගවලට අනුව තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් 10 දෙනා පිළිබඳ ඔබව දැනුවත් කිරීමට අප තීරණය කළා.

එම 10 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු පමණක් ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

10. සමිත් පටේල්

දඹුල්ල වයිකින් කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන සමිත් පටෙල් ඉනිම් 5කදී බිඳ හෙලා ඇති කඩුලු ගණන 6 ක්. ඔහුගේ කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 22.00 ක් ලෙසයි.

09. ලක්ෂාන් සදකැන්

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන ලක්ෂාන් සදකැන් තරග 4ක දී බිද හෙලා ඇති කඩුලු ගණන 6ක්. ඔහුගේ සාමාන්‍ය දැක්වෙන්නේ 20.66ක් වශයෙන්.

08. මොහොමඩ් අමීර්

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන මොහොමඩ් අමීර් තරග 6 කට සහභාගීවෙමින් බිඳ හෙලා තිබෙන කඩුලු සංඛ්‍යාව 7 ක්. ඒ අතරට ඉනිමක කඩුලු පහක් බිද හෙලූ අවාස්ථාවක්ද පවතිනවා. අමීර්ගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය සටහන් වන්නේ 27.42 ක් ලෙසයි.

07. ඩුවාන් ඔලිවියර්

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 5 කට ක්‍රීඩා කර ඇති ඔලිවියර් බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 7 ක්. ඔහු 21.28 ක කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍යක් පවත්වාගෙන තිබෙනවා

06. අසේල ගුණරත්න

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන අසේල ගුණරත්න කඩුලු 7 ක් බිඳ හෙලීමට සමත් තිබෙනවා. ඒ ඉනිම් 5ක් ක්‍රීඩා කරමින්. අසේල 20.57 ක කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍යක් පවත්වාගෙන තිබෙනවා.

05. අන්වර් අලී

දඹුල්ල වයිකින් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නෙකු වන අන්වර් අලී ඉනිම් 5කදී බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 7 ක්. අලී 20.42 ක කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍යක් පවත්වාගෙන තිබෙනවා.

04. උස්මාන් ශින්වාරී

ජැෆ්නා ස්ටැලින්ස් කණ්ඩායම තරග හතරකදී පමණක් නියෝජනය කර ඇති උස්මාන් ශින්වාරී බිද හෙලා තිබෙන කඩුලු සංඛ්‍යාව 7 ක්. ශින්වාරීගේ කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 12.85 ක්.

03. නවීන් උල් හක්

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන නවීන් උල් හක් තරග 5 කට මුහුණ දෙමින් බිද හෙලා ඇති කඩුලු ගණන 8 ක්. නවීන් 22.87 ක කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍යක් පවත්වාගෙන තිබෙනවා

02. කායිස් අහමඩ්

කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නෙකු වන කායිස් අහමඩ් තරග 6 කට මුහුණ දෙමින් බිඳ හෙලා තිබෙන කඩුලු සංඛ්‍යාව 8 ක්. කායිස් 16.25 ක කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍යක් පවත්වාගෙන තිබෙනවා.

01. වනිදු හසරංග

මෙතෙක් පැවති තරගවලට අනුව තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස ප්‍රථම ස්ථානය දිනා ගෙන සිටින්නේ ජැෆ්නා ස්ටැලින්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගයි. තරග 6 ක් ක්‍රීඩා කරමින් කඩුලු 10 ක් බිඳ හෙලා ඇති ඔහුගේ කඩුල්ලක් දවා ගැනීම් සාමාන්‍ය ද ඉතා අනර්ඝ මට්ටමක පවතිනවා. එනම් 10.50 ක් ලෙසයි ඔහුගේ කඩුල්ලක්  බිද හෙලීමේ සාමාන්‍ය සටහන් වන්නේ.

මීට අමතරව දුෂ්මන්ත චමීර ද තරග 05 කදී කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 6ක් දවා ගනිමින් 11 වන ස්ථානයේ පසුවනවා.

Leave a comment