Ultimate magazine theme for WordPress.

ගප්ටිල්, අම්ලා ඇතුලු විදෙස් ක්‍රීඩකයන් 143 ක් LPL සදහා කැමැත්තෙන්

මෙවර පළමු වරට සංවිධාන කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට විදෙස් ක්‍රීඩකයින් 143 දෙනෙකු කැමැත්ත පල කර ඇති බව වාර්තා වනවා.

Daily News පුවත්පත වාර්තා කර ඇත්තේ ඒ අතරට මාර්ටින් ගප්ටිල්, ඉර්ෆාන් පතාන්, හෂීම් අම්ලා සහ වර්නන් ෆිලැන්ඩර් ද වන බවයි.

ඊට අමතරව එල්.පී.එල් තරගාවලිය සදහා මෙරට සෑම ක්‍රීඩා සමාජයකින්ම ක්‍රීඩකයින් දෙදෙනා බැගින් නම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බව සදහන්.

ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් 80 දෙනා ද මෙම තරගාවලියේ අවසන් සංචිත සදහා එක්වීම වෙනුවෙන් දැඩි තරගයක් ලබා දෙනු ඇති.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අවසරය පසුගිය 27 වනදා හිමිවුණේ.

තරගාවලිය සදහා තරග 23ක් ඇතුළත්.

තරගාවලියේ සියලු තරග ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුලු, පල්ලේකැලේ සහ සූරියවැව යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 5ක් එක්වන බවත්, එම කණ්ඩායම් කොළඹ, නුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන නගර කේන්ද්‍ර කර ගනිමින් නම් කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Leave a comment