Ultimate magazine theme for WordPress.

LPL විස්තර විචාරක කමිටුවට ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුත් පත් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ යාවත්කාලීන කරන ලද රූපවාහිනී විස්තර විචාරක කමිටුව අද(21) නිල වශයෙන් නිවේදනය කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ද ඊට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

මීට පෙර දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරයට එක්වන බවට ප්‍රකශයට පත් කර තිබුණ ද ඔහු මේ වන විට කලම්බු කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවටයි මිකී ආතර් ජාත්‍යන්තර රූපවාහිනී විස්තර විචාරක කමිටුවට පත් කර ඇත්තේ.

ජනප්‍රිය ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඔස්ට්‍රේලියානු ජාතික මයික් හෙයිස්මන් ද විස්තර විචාරක කමිටුවට ඇතුළත්.

එමෙන්ම ශ්‍රී ලාංකික විස්තර විචාරකයින් දෙපළක් වන රොෂාන් අබේසිංහ සහ රසල් ආනල්ඩ් යන මහත්වරු ද  එල්.පී.එල් තරගාවලියට විස්තර විචාරකයින් ලෙස එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔවුන්ට අමතරව පාකිස්තානයේ අමීර් සොහෙයිල් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඩැරන් ගංගා ද LPL තරගාවලියේ විස්තර විචාරක කමිටුවට ඇතුළත්ව සිටිනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a comment