Ultimate magazine theme for WordPress.

LPL යන්න දොර වැසූ බංග්ලාදේශ ක්‍රීඩකයින්ට පාකිස්තානයට දොර අරියි

ටමිම් ඉක්බාල් සහ මහ්මුදුල්ලාට පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දීමට සූදානම් බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශයේ පැවැත්වෙන බංගබන්දු 20යි 20 තරගාවලිය සමග පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ඝට්ටනය නොවීම හේතුවෙන් මෙලෙස ඒ සදහා අවසර ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම විසින් ටමිම් ඉක්බාල් සිය කණ්ඩායමට ලබා ගැනීමට තීරණය කර ඇත්තේ ක්‍රිස් ලින් වෙනුවටයි.

එමෙන්ම මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම විසින් මොයීන් අලී වෙනුවට මහ්මුදුල්ලා සිය කණ්ඩායමට තෝරා ගෙන තිබෙනවා.

මීට පෙර බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා නොදීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කළා.

ඒ, එල්.පී.එල් තරගාවලිය බංග්ලාදේශ දේශීය තරග සමග ඝට්ටනය වීම හේතුවෙන්.

බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහ්මාන්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අවසර ලබා දුන්නේ නැහැ.

ඒ, පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා තරග සංචාරය හේතුවෙන්.

කොරෝනා වසංගතය නිසා කල් දැමීමට සිදු වූ 2020 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 ලබන 14 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment