Ultimate magazine theme for WordPress.

LPL මංගල ශතකය ලොරී එවන්ස්ගෙන්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කළ පිතිකරුවා ලෙස ඉතිහාසයට එක් වීමට කලම්බු කිංග්ස් කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක ලොරී එවන්ස් අද(10) සමත් වුණා.

ඒ, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව කලම්බු කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4ක් දැවී ලකුණු 173ක් ලබා ගනිමින්.

කොළඹ ඉනිම ශක්තිමත් කරමින් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ලොරී එවන්ස් පන්දු 65කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 108ක්.

ඔහු සිය ශතකය වාර්තා කළේ පන්දු 60ක් වැය කරමින්.

එවන්ස්ගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

Leave a comment