Ultimate magazine theme for WordPress.

LPL නව ලාංඡනය එළි දකියි ; නිර්මාණකරුට ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය ත්‍යාගයක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සදහා නව ලාංඡනයක් අද (21) එළිදැක් වුණා.

ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විසින් මෙම නව ලාංඡනය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

LPL තරගාවලිය සදහා නව නිර්මාණශීලී ලාංඡනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පැවැති තරගයකින් පසුවයි මෙම නව ලාංඡනය තෝරා ගෙන ඇත්තේ.

නව ලාංඡනය ප්‍රධාන වශයෙන් නිර්මාණය කර ඇත්තේ “සිංහ සංකේතය” වටා වන අතර එමඟින් ජාතියේ ධෛර්යය, අධිෂ්ඨානය, නිර්භීතකම සහ ශක්තිය සංකේතවත් කරනු ලබනවා.

ලාංඡනයේ නිරූපිත පිතිකරුවා විසින් 20යි 20 ක්‍රිකට් රටාවේ බලය, ශක්තිය සහ උද්වේගය පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

භාවිතා කර ඇති බහු වර්ණ තුළින් “ක්‍රිකට් අසිරියේ” ආරම්භය නිවේදනය කරනවා.

මහනුවර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මියුලික වීරමන්ත්‍රී නම් තරුණයා විසිනුයි මෙම නව ලාංඡනය නිර්මාණය කර ඇත්තේ.

අමෙරිකානු ඩොලර් 1,000 ක (රුපියල් 360,000 ක පමණ වටිනාකමක්) මුදලක් ඔහු වෙනුවෙන් පිරිනැමීමටයි ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

නව ලාංඡනය –

SLC
SLC
Show Comments (1)