Ultimate magazine theme for WordPress.

LPL දේශීය විකාශන අයිතිය හිමි වූ නාලිකාව මෙන්න

ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියේ දේශීය රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන අයිතිය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට හිමිව ඇති බවට වාර්තා පල වනවා.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් TV රූපවාහිනී නාලිකාව ඔස්සේ තරගාවලිය සජීවීව විකාශය කෙරෙන බව සදහන්.

ITN නාලිකාව ඔස්සේ ද වැඩසටහන් අතරතුර සජීවීව තරග විකාශය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලක්හඬ සහ වසන්තම් FM යන ගුවන් විදුලි නාලිකා ඔස්සේ ද එල්.පී.එල් තරගාවලියේ සජීවී විස්තර විචාරය ගෙන ඒමට නියමිතයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

මෙවර පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a comment