Ultimate magazine theme for WordPress.

LPL තරගාවලිය 27 ඇරඹේ – ඇන්ඩ්‍රි රසල් යළි තරගාවලියට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 17 වනදා දක්වා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ දී පමණක් ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් අද (5) දිනයේ දී ක්‍රිකට් බළධාරීන්, සෞඛ්‍ය බළධාරීන් සහ ජනාධිපතිවරයා අතර ද සාකච්ඡා පවත්වා තිබුණා.

එහිදී තරගාවලිය පැවැත්වීම සදහා අනුමැතිය ලැබුණු අතර, ඒ අනුව තරගාවලිය පෙර සැලසුම් කර තිබූ දිනයට වඩා දින 6ක් ප්‍රමාද වී ආරම්භ කිරීමට තීරණය කර ඇති බව සදහන්.

මේ අතර, තරගාවලියට එක් වන විදෙස් ක්‍රීඩකයින් දින 14ක නිරෝධායන කාලයක් වෙනුවට දින 7ක නිරෝධායන කාලයකට පමණක් යටත් කිරීමට එකගතාවයකට එළඹ තිබෙනවා.

ඒ අනුව සියලු විදෙස් ක්‍රීඩකයින්ට දින 7කින් පසුව පුහුණුවීම් සදහා සම්බන්ධ විය හැකියි.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ කල් දැමීමට සිදු වූ අවසන් වටයේ තරග 4ක් ලබන 14 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එල්.පී.එල් තරගාවලිය දින 6කින් කල් දැමීමත් සමග පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට එක්වන ක්‍රීඩකයින්ට ද ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමේ අවස්ථාව ගැටලුවකින් තොරව උදා වී තිබෙනවා.

මේ අතර, ආබාධයක් හේතුවෙන් එල්.පී.එල් තරගාවලියෙන් ඉවත් වූ කොදෙව් සුපිරි පිතිකරු ඇන්ඩ්‍රි රසල් සිය ආබාධය සුව වීම නිසා යළි එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බව සදහන්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු කලම්බු කිංග්ස් කණ්ඩායම සදහායි ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ.

Leave a comment