Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියට සනත් ජයසූරිය තැබූ සුබ පැතුම

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 4ක් පමණයි.

අභියෝග රැසක් මැද ඒ සදහා සියලු කටයුතු මේ දිනවල සූදානම් වෙමින් පවතිනවා.

තරගාවලිය දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් සුබවාදී අදහස් දැක්වීමක් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා විසින් සිදු කර තිබෙනවා.

ඔහු සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට එල්.පී.එල් තරගාවලිය ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව සදහා අවස්ථාවක් ලැබීම සතුට කරුණක් බවයි.

තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙම තරගාවලිය බෙහෙවින් වැදගත් වනු ඇති බවත්, සියලු කණ්ඩායම් සදහා සුබ පැතුම් එක් කරන බවත් ඔහු කියා සිටියා.

Leave a comment