Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියට මෙතෙක් නම් කර ඇති විදෙස් ක්‍රීඩකයන් 33 දෙනා මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් ද සහභාගී කර ගනිමින් වසර අටකට පසුව මෙරට පවත්වන ප්‍රථම ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින තුනක පමණ කාලයක් පමණයි.

ගිවිසුම්ගතව තවමත් මෙරටට නොපැමිණි විදෙස් ක්‍රීඩකයන් හැරුණු විට මෙරටට පැමිණි සෙසු විදෙස් ක්‍රීඩකයන් රැසක් සහ දේශීය ක්‍රීඩකයන් මේ වනවිට නිරෝධායන කටයුතු අවසන් කර තිබෙනවා.

ඒ අනුව විශේෂ ක්‍රමවේදයක් යටතේ සියලු කණ්ඩායම් අද සිට දින තුනක් පුහුණුවීම්වල නිරතවීමට නියමිතයි.

විවිධ වෙනස්කම්වලට ලක් වෙමින් මේ වන විට කණ්ඩායම් සිය අවසන් සංචිත බොහෝ දුරට නම් කර අවසානයි.

පෞද්ගලික හේතූන් මත සහ ජාතික කණ්ඩායමේ පැවරුණු වගකීම් හේතුවෙන් බොහෝ නම් දැරූ විදෙස් ක්‍රීඩකයන් ලංකා ප්‍රිමියර් ලීගයෙන් ඉවත්වීම පසුගිය දිනවල දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, විවිධ තරගාවලියන්හි දක්ෂතා ප්‍රදර්ශනය කළ දක්ෂ විදෙස් ක්‍රීඩකයන් රැසක් ලබන 26 වනදායින් ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවනවා.

අද (23) වන විට තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් පහේ සංචිතවලට නම් කර ඇති බවට වාර්තා වන විදෙස් ක්‍රීඩකයන් පිළිබදව අප කළ සොයා බැලීමක තොරතුරු ඔබට මෙසේ ගෙන ඒමට අප අදහස් කළා.

කලම්බු කිංග්ස් කණ්ඩායම පමණක් පසුගියදා සිය සංචිතය නිල වශයෙන් නිවේදනය කර නමුත්, සෙසු කණ්ඩායම් තවමත් සිය සංචිත නිල වශයෙන් නිවේදනය කර ඇති බවක් දක්නට ලැබෙන්නේ නැහැ.

Colombo Kings

  •  Andre Russell (wi)
  •  Manpreet Singh Gony (Ind)
  •  Laurie Evans (eng)
  •  Qais Ahmad (afg)
  •  Daniel Bell Drummond (eng)
  •  Karim Khan Sadeq (afg)
  • Ravinderpal Singh

Jaffna Stallions

  •  Shoaib Malik (pak)
  •  Jhonson Charles (wi)
  •  Usman Shinwari (pak)
  •  Kyle Abbott (sa)
  •  Tom Moors (eng)
  •  Duanne Olivier (sa)

Kandy Tuskers

  •  Brendon Taylor (zim)
  •  Dale Steyn (sa)
  •  Irfan Pathan (ind)
  •  Munaf Patel (ind)
  •  Naveen-ul-haq (afg)
  •  Rahmanulla Gurbaz (afg)
  •  Sohail Tanvir (pak)

Dambulla Viiking

  •  Paul Stirling (ire)
  •  Samit Patel (eng)
  •  Samiullah Shinwari (afg)
  •  Sudeep Tyagi (ind)
  •  Aftab Alam (afg)
  •  AnwarAli (pak)

Galle Gladiators

  •  Shahid Afridi (pak)
  •  Ashan Ali (pak)
  •  Chadwick Walton (wi)
  •  Azam Khan (pak)
  •  Mohammed Amir (pak)
  •  Hazrathullah Zazai (afg)
  •  Waqas Maqsood (Pak)
Leave a comment