Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියට තණතීරු 10ක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීමට නියමිත හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනය මේ වන විට තරගාවලිය වෙනුවෙන් සූදානම් කරමින් පවතිනවා.

ඊට අදාළ ඡායාරූප කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) මාධ්‍යට නිකුත් කළා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක් වුණේ තරගාවලිය සදහා තණතීරු 10ක් යොදා ගැනීමට නියමිත බවයි.

එළඹෙන 26 වනදා ආරම්භ වන තරගාවලිය සදහා තරග 23ක් ඇතුළත් අතර, දින 15ක කාලයක් එල්.පී.එල් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

පුහුණුවීම් සදහා තණතීරු (පැති) 25ක් යොදා ගැනීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

රාත්‍රී කාලයේ දී ද පුහුණුවීම් සිදු කිරීම සදහා අවශ්‍ය පහසුකම් කණ්ඩායම්වලට හිමිවනු ඇති.

සෞඛ්‍ය උපදෙස් ද අනුගමනය කරමින් ක්‍රීඩක විවේකාගාර 4ක් සූදානම් කෙරෙන අතර, එක් දිනකදී තරග දෙකක් පැවැත්වෙන අවස්ථාවලදී සියලු කණ්ඩායම් වෙත වෙන වෙනම ක්‍රීඩක විවේකාගාර ලබා දීම එහි අරමුණයි.

තරගාවලියේ සමාරම්භක උත්සවය 26 වනදා පස්වරුවේ පැවැත්වෙන අතර, පළමු තරගය එදිනම කැන්ඩි ටස්කර්ස් සහ කලම්බු කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

SLC
SLC
SLC
Leave a comment