Ultimate magazine theme for WordPress.

LPL අයිතිය වසර 5කට ඩුබායි සමාගමකට

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ (LPL) අයිතිය ඩුබායි කේන්ද්‍ර කර ගත් ක්‍රීඩා විකාශන සමාගමක් වන ‘Innovative Production Group (IPG)’ වෙත ලබා දී තිබෙනවා.

ඒ, වසර 5ක කාලයක් සදහායි.

ඒ අනුව LPL තරගාවලියේ ක්‍රීඩාංගන, නිෂ්පාදනය, කණ්ඩායම් සහ රූපවාහිනී විකාශන අයිතිය එම සමාගම සතු වනු ඇති.

ඒ වෙනුවෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 2 බැගින් IPG ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවීමට කටයුතු කරන්නේ තරගාවලියේ ස්ථාන සහ විනිසුරුවන් පමණයි.

මෙවර තරගාවලිය එළඹෙන 28 වනදා සිට සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තීරණය කර ඇත්තේ.

විදෙස් ක්‍රීඩකයින් 143 දෙනෙකු තරගාවලියට එක්වීමට කැමැත්ත පල කර ඇති බව සදහන්.

තරගාවලිය සදහා තරග 23ක් ඇතුළත් අතර, සියලු තරග ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුලු, පල්ලේකැලේ සහ සූරියවැව යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 5ක් එක්වන බවත්, එම කණ්ඩායම් කොළඹ, නුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන නගර කේන්ද්‍ර කර ගනිමින් නම් කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Leave a comment